BREAKING NEWS
Search

හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු මුහුදේ ගිලී මරුට

518

හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකුවන නීල් හපුහින්න ඔස්ට්‍රේලියාවේදී හදිසි අනතුරකට ලක්වීමෙන් ඊයේ (14) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මුහුදේ ගිලීමෙන් ඔහු මෙලෙස මිය ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරය ඇතුළු පැවති ආණ්ඩු කිහිපයකම ප්‍රධාන තනතුරු දරා ඇති ඔහු මිය යන විට 61 හැවිරිදි වියේ පසුවිය.

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු සිය දරු පවුල සමග ඔස්ට්‍රේලියාවේ තාවකාලික පදිංචියට ගොස් ඇති අතර, දැනට වසර ගනනාවක සිට ඔහු එරට පදිංචිව සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔහුගේ වැඩිමල් දියණියගේ විවාහ උත්සවය මෙරට පැවැත්වීම සදහා පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඔහු අවසන් වරට මෙරටට පැමිණ ඇති බවයි ඔහුගේ පවුලේ ඥාතීන් හිරු ප්‍රවෘත්ති අංශය වෙත පවසා සිටියේ.

ඔහු දියණියන් දෙදෙනෙකුගේ පියෙක්වන අතර, බිරිඳ නීතිඥවරියක් බවයි සඳහන් වන්නේ.

ඔහුගේ මෙම හදිසි මරණය පිළිබඳව ඔස්ට්‍රේලියානු පොලිසිය පරීක්ෂණ පවත්වන අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු කිරීමේ නිශ්චිත දිනයක් තවම සඳහන් වන්නේ නැහැ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *