BREAKING NEWS
Search

හැටන්- කොළඹ පාරේ ගමනාගමනයට බාධා

267

කොළඹ සිට නුවරඑලිය දක්වා සිමෙන්ති කුඩු ටොන් 57 ක් ප්‍රවාහනය කරන ලද කන්ටෙනර් රථයක පිටුපස ටැංකිය අනතුරට පත්විමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය අද(15) සම්පුර්ණයෙන්ම ඇණහිට තිබුණි.

මෙම අනතුර සිදු වි තිබුණේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රෝහල් මංසන්ධියේදිය.

ධාවනය වෙමින් තිබු කන්ටෙයිනර් රථයේ රියදුරා කෙටි වංගුවක් ගැනිමත් සමග පසුපස ටැංකි කොටසේ රෝද කිහිපයක් මාර්ගය අභියස පිහිටි කාණුවකට වැටිමෙන් ටැංකි කොටස මාර්ගය හරහා අවහිර විම හේතුවෙන් රථ වාහන ගමනා ගමනය ඇණ හිට තිබුණි.

එම මාර්ගයේ ගමනා ගමනය ඇණ හිටිම හේතුවෙන් පාසල් ළමුන් ඇතුළු මගින් දැඩි පිඩාවට පත් වු අතර, කොළඹ දක්වා ධාවනය වු බස් රථ විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කිරිමට ගිනිගත්හේන පොලිසිය පියවර ගෙන තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *