හැමිල්ටන් ඇල පිටාර ගැලීමෙන් කුළියාපිටිය කොළඹ ප්‍රධාන මාර්ගයේ නාත්තණ්ඩිය සිට කොට්ට්‍රාමුල්ල ප්‍රදේශය ජලයෙන් යටවීමෙන් අද (14) පෙරවරුවේ සිට නැවත වසා දැමිමට පොලිසිය කටයුතු කර තිබේ.
පසුගිය 12 සිට මෙම මාර්ගයේ අඩි පහකට වැඩි ජල මට්ටමක් පැවැතිම නිසා සම්පුර්ණයෙන් මාර්ගය වසා තිබු අතර යළිත් ජල මට්ටම ඉහළ යාම නිසා නැවත අද (14) සිට මාර්ගය වසා දැමු බව පොලිසිය කියයි.
මේ අතර තුම්මෝදර. කොට්ට්‍රාමුල්ල, මාවිල යන ග්‍රාම නිළදාරි වසම් 29 අයත් පවුල් 1212 ක් ගංවතුරින් පිඩාවට පත් වි ඇති බව පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ ආපදා සහන සේවා ඒකකය කියයි.
දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර,සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ,ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර,සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

















