BREAKING NEWS
Search

ගම්පහ සහ කැලණිය සියලුම පාසැල් සම්බන්ධව දැන් ලැබුණු විශේෂ පණිවිඩය

1252

ගම්පහ සහ කැළණිය අධ්‍යාපන කලාපවල සියලු පාසල් හෙට (14) වසා තැබෙනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ පියවර ගත් බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසන්නේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 76,218 දෙනකු බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඔවුන් දිස්ත්‍රික්ක 11ක පදිංචි පවුල් 18,795කට අයත් වූවන් බවයි පැවසෙන්නේ.

ජලගැලීම්, අධික සුළං සහ ගස් කඩා වැටීම් හේතුවෙන් එම තත්ත්වය මතුව තිබෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි පවසන්නේ.

අයහපත් කාලගුණය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එහි පවුල් 16,707කට අයත් පුද්ගලයින් 68,672 දෙනෙකු බලපෑමට ලක්ව තිබෙනවා.

මේ අතර ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *