BREAKING NEWS
Search

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

1006

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසිය විසි පස් දෙනාම  පාර්ලිමේන්තුව විසුරුවා හැර   සති දෙකක් ඇතුළත වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාරදිය යුතු බව  නව දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ  පැහැදිලිව සඳහන් වන්නේ යැයි   කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අනුව හිටපු මන්ත්‍රීවරුන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම දැනටමත්  ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත.

සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයකු එම ධූරයේ සිටියදී සෑම වර්ෂයකම මාර්තු 31 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට බාරදීම කළ යුතුවේ.

ඒ අනුව මන්ත්‍රීවරුන් සියලු දෙනා මේ වර්ෂයේ වත්කම් බැරකම් ප්‍රකාශ  නියමිත පරිදි  මීට කලින්  බාරදී අවසන්ව තිබිණ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *