BREAKING NEWS
Search

මගුල අවමගුලක් කල DJ එක

766

ඊයේ (11) රාත්‍රී කාලයේදී අඟුලාන පොලිස් වසමේ සයුරුපුර මහල් නිවාස සංකීර්ණ ප්‍රජා ශාලාවේ පැවති විවාහ මංගල උත්වයකදී පුද්ගලයින් දෙදෙනකු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට පහරදී තිබෙනවා.

එම පහරදීමෙන් තුවාල ලබා ලුනාව රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙක් මිය ගොස් ඇති බව අඟුලාන පොලිසිය සඳහන් කරනවා.

මරණකරු වයස අවුරුදු 52ක් වූ අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු මංගල උත්සවයේ පැවති ඩී.ජේ සංදර්ශනයක් අතරතුර ශබ්ද විකාශන යන්ත්‍රයක ශබ්දය අඩු කරන ලෙස පවසන අවස්ථාවේ ඇති වූ බහින් බස් වීමක් මත මෙම පහරදීම සිදුකර ඇති බවටයි දැනට සිදු කල විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධියෙන් පසු සැකකරු පලාගොස් ඇති අතර අඟුලාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *