කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද වලකඩයාව ප්‍රදේශයේදී අද (11) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.
ලංගම බස් රථ 2ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.
මෙම අනතුර හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පානදුර සිට මහනුවර බලා ගමන් ගනිමින් තිබූ බස් රථයක් සහ කෑගල්ලේ සිට මාවනැල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක්.
වෙනත් පුවත්
සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන යන මධ්‍යස්ථානයක සිටී 21,22 , 24,39 සහ 41 වියැති කාන්තාවන් බව පොලිසිය කීය.
සැකකාරියන් රත්මලාන , මඩපාත, පිළියන්දල , වෙරළ පනාතර සහ වෙන්නප්පුව යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවද පොලිසිය සදහන් කරයි.
අත්අඩංගුවට පත්වූවන් අතර කළමණාකරිනිය සහ ගණිකා සේවයේ නියැලී කාන්තාවන් සිව්දෙනෙකු වන බව සදහන් වේ.
සකකාරියන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි .



















