BREAKING NEWS
Search

දුම්රිය ගමන අඩාල කරවූ ඉන්දීය චිත්‍රපටය ගැන ඇසෙන පුදුම හිතෙන කතාව

74780

ඉන්දියානු ශ්‍රී ලංකා සිනමා ව්‍යාපෘතියක් වෙනුවෙන් ඇල්ල සිට බදුල්ල දක්වා දුම්රිය කිහිපයක ගමන් සතියකට ඇනහිටීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුවක් නොව එම කාලය සඳහා දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 238ක් ලැබී ඇතැයි පැවසූ නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉඳිපොළගේ මහතා පැවසීය. මීට අමතරව තවත් ලක්ෂ 480ක තැන්පතුවක්ද තබා ඇතැයි පැවසීය.

එම ව්‍යාපෘතිය වෙනුවෙන් ඔක්තෝබර් 09 සිට ඔක්තෝබර් 15 දක්වා ඇල්ල සිට බදුල්ල දක්වා දෙමෝදර පාලම ආශ්‍රිත දුම්රිය මාර්ගය වසා තැබීමට ඉල්ලීම් කර ඇත්තේ පෙරවරු 7.30 සිට සවස 5.30 දක්වා පමණක් බවත් එම කාලයේදී යන දුම්රිය දෙකක් සහ එන දුම්රිය දෙකක් පමණක් නතරවන බවත් ඒ මහතා කීය. කෙසේ වෙතත් සවස 5.30ත් පෙරවරු 7.30ත් අතර සතියක කාලය තුළ රාත්‍රී දුම්රිය, උඩරට මැණිකේ ඇතුළු දුම්රිය තුනක් බදුල්ලට ධාවනයවීමත්, බදුල්ලේ සිට දුම්රිය තුනක් නැවත කොළඹට පැමිණීම සිදුවන බවත් ඉඳිපොළගේ මහතා පැවසීය.

ඉන්දියානු චිත්‍රපටයට ඇල්ල - බදුල්ල රේල්පාර සතියකට වැසුණත් දුම්රියට ලක්ෂ 238ක ඉල්ලමක්!
ඉන්දියාවේ ඩාර්ජිලිං

ධාවනය ඇනහිටින දුම්රිය හතරේ ගමන් කරන මගීන්ගෙන් දුම්රිය ප්‍රවේශ පත්‍ර සඳහා මුදල් අයකරගෙන තිබෙන නිසා එම පිරිස් දුම්රිය නවත්වන ස්ථානයේ සිට බස් රථ මගින් ප්‍රවාහනයට කටයුතු යොදා ඇති බවත් ඔහු කීය. එවැනි තත්ත්වයක් පවතින නිසා දුම්රිය මගීන්ගෙන් විරෝධයක් එල්ල වී නැතැයි ද ඔහු කීය.

එසේ තිබියදීත් ඇතැමුන් ජනතාව නොමගයන ආකාරයේ ප්‍රකාශ සිදුකරන බව පැවසූ ඒ මහතා එවැනි ප්‍රකාශ විශ්වාස නොකරන ලෙසත් වෙනත් හේතු මත හෝ මුදල් අයකර ගැනීමට අවශ්‍ය වුවහොත් ලක්ෂ 480ක තැන්පතුවෙන් අයකර ගත හැකි බවද කියා සිටියේය.

මෙවැනි ව්‍යාපෘති හරහා රටේ සංචාරක ආකර්ෂණය ඇතිවන බවත් මීට පෙර කිතුල්ගල ඉදිකළ පාලමකින් දුම්රියක් කැලණි ගඟට වැටෙන දර්ශන රූගත කළ බවත් එම ස්ථානය නැරඹීමට තවමත් සංචාරකයන් එන බවත් ඉඳිපොළගේ මහතා පැවසීය. ඒ ආකාරයෙන්ම මරදාන දුම්රිය ස්ථානයේ අංක 09 හා 10 යන වේදිකා වසා හින්දි නාම පුවරු යොදා එයට ගැළපෙන පසුබිම සකස් කර හින්දි නළුවන් හා මෙරට නළුවන්ද යොදා හින්දි චිත්‍රපටයක් රූගත කළ බවද ඒ මහතා කීය.

1969 වසරේ තිරගත වූ ආරාධනා හින්දි චිත්‍රපටය පිළිබඳව ලෝකයා තවමත් කතා කරන අතර එම චිත්‍රපටයේ බොහෝ කොටස් රූගත කර ඇත්තේ ඩාර්ජිලිං (Darjeeling) කඳුකර දුම්රිය මාර්ගය ආශ්‍රිතවය. පසුව එම දුම්රිය මාර්ගය ඉන්දියානු සංචාරකයන් අතර පමණක් නොව ලොවපුරා රසවතුන්ගේ ජනප්‍රිය

ඉන්දියානු චිත්‍රපටයට ඇල්ල - බදුල්ල රේල්පාර සතියකට වැසුණත් දුම්රියට ලක්ෂ 238ක ඉල්ලමක්!

ගමනාන්තයක්ද වී තිබේ. ආරාධනා චිත්‍රපටය පමණක් නොව තවත් චිත්‍රපට රැසක් එම කඳුකර දුම්රිය මාර්ගය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අතර ඉන් එම ප්‍රදේශ සංචාරකයන් සඳහා ඉතා ජනප්‍රිය වී ඇත.

ඇල්ල දෙමෝදර ආරුක්කු නවය පාලම මුල්කරගෙන මිරායි (Mirai) නම් වූ චිත්‍රපටය රූගත කිරීම සිදුකරන අතර එහි අධ්‍යක්ෂ ලෙස කාර්තික් ගවාන්නේරු කටයුතු කරයි. ජෙගපති බාබු, සාජා, මනෝජ් කුමාර්, රතිකා නායන්, කෞෂික් මහාටා, ටන්ජා කෙලර්, සිරාම් රෙඩ්ඩි ඇතුළු නළු නිළියෝ රැසක් ඊට රංගනයෙන් දායක වෙති.

චමින්ද සිල්වා සහ බඩල්කුඹුර – රවිඳු ගුණතිලක




Leave a Reply

Your email address will not be published. Required fields are marked *