BREAKING NEWS
Search

සුදු සීනි මිල පහලට. නවතම මිලගණන් මෙන්න

18927

පිටකොටුව තොග වෙළෙදපොලේ සුදු සීනි තොග මිල අඩු වී ඇතැයි සීනි ආනයනකරුවෝ පවසති.

පසුගිය දිනවල රුපියල් 250 – 260 වශයෙන් පැවති සුදු සීනි කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 235 දක්වා පහත බැස ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

විශේෂයෙන් ඩොලරයේ අවප්‍රමාණය වීම සුදු සීනි තොග මිල අඩුවීමට හේතු වී ඇති බවත් ආනයනකරුවෝ සඳහන් කරති.

මේ අවස්ථාවේ සුදු සීනි තොග මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයා වෙත ලබා දිය යුතු බව ආනයනකරුවෝ සදහන් කරති.

වෙනත් පුවත්

මිල්ටන්’ සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මිලියන 3කට විදුලිය ඇනහිටි

මිල්ටන් සුළි කුණාටුව අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය දෙසට ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ, එය තුන්වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස වර්ධනය වී ඇති බව ය.

අමෙරිකාවේ ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය නිකුත් කළ X සටහන

මිල්ටන් සුළි කුණාටුව හේතුවෙන් ටොනේඩෝ, ගංවතුර සහ කුණාටු ඇතිවීමේ අවදානමක් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මාධ්‍ය තවදුරට ත් සඳහන් කර ඇත්තේ, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මිලියන 3කට අධික සංඛ්‍යාවකට විදුලිය විසන්ධි කර ඇති බව ය.

මෙම සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ශාන්ත පීටර්ස්බර්ග් ප්‍රදේශයේ ජල සැපයුම් පද්ධතියට ද හානි සිදුවී තිබේ.

එම නිසා ඒ ප්‍රදේශයේ ජනතාවට පානීය ජල සැපයුම ද අත්හිටුවීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *