BREAKING NEWS
Search

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක නවතම මිල ගණන් මෙන්න

29926

සීනි, තිරිඟු පිටි ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මෙම සතියට අදාල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සුදු සීනි 1kg අලෙවි කළ හැකි මිල පරාසය වන්නේ රුපියල් 237 ක්, 269 ත් අතර මිලකටයි.

තිරිඟු පිටි1kg රුපියල් 149 ත් 177 ත් අතර මිලකට අලෙවි කළ හැකියි.

පරිප්පු 1kg අලෙවි කළ හැකි වන්නේ රුපියල් 270 ත්, 317 ත් අතර මිලකටයි.

ආනයනික අර්තාපල් 1kg රුපියල් 160 ත් 234 ත් අතර මිලකට අලෙවි කළ හැකියි.

වෙනත් පුවත්

හිටපු කනිෂ්ඨ මීටර් 800 ලෝක ශූරයා දිවියෙන් සමුගයි

වයස අවුරුදු 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූර කිපිගොන් බෙට් කෙන්යාවේ බොමෙට්හිදී ජීවිතක්ෂයට තිබෙනවා.

මියයන විට ඔහු 26 හැවිරිදි වියෙහි පසුවිය.

ඔහුගේ සහෝදරියවන 2014 පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම්ලාභී ක්‍රීඩිකාවක්වන කිරුයි සිය සහෝදරයා සම්බන්ධයෙන් පැවසුවේ, ඔහු මසකට ආසන්න කාලයක් දරුණු උදර වේදනාවකින් පෙළුණු බවයි.

පසුව වෛද්‍යවරු ඔහුට අක්මාව ආශ්‍රිත රෝගයක් ඇති බව හඳුනාගෙන ඇති අතර, ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන ඇති බවටයි ඇය සඳහන් කරන්නේ.

රෝහලේ සිට පැමිණ නිවසේ සිටියදී ඔහුට ලේ වමනය ගොස් ඇති අතර, පසුව රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.

දක්ෂ මීටර් 800 ධාවකයෙකු වන බෙට්, 2016 වසරේ දී කනිෂ්ඨ ලෝක ශූරතාව දිනා ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, 2018 වසරේ දී තහනම් උත්තේජක සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට වසර හතරක තරග තහනමක් ලැබුණු අතර, පසුව ඔහුගේ වෘත්තීය ජීවිතය අඩාල වී තිබෙනවා.

එමෙන්ම මෙහිදී කිරුයි සඳහන් කර ඇත්තේ, සිය සහෝදරයා ඔහුගේ තහනම අතරතුර මානසික අවපීඩනයට පත් වූ අතර, සෞඛ්‍යයට අහිතකර පුරුදු ඇති කර ගත් බවයි.

බෙට්ගේ අත්හිටුවීම 2022 අගෝස්තු මාසයේදී අවසන් වුවද, ඔහුට තරඟකාරී මලල ක්‍රීඩාව වෙත ආපසු යාම දුෂ්කර වී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *