BREAKING NEWS
Search

මල් කැකුළු රැසක් අවදානමේ හෙලූ බිහිසුණු අනතුර

226

පෙර පාසල් ළමුන් පිරිසක් රැගෙන ඒමට ධාවනය කල ත්‍රිරෝද රථයක ඉදිරිපස රෝදයේ ඇක්සලය කැඩියාමෙන් ත්‍රිරෝද රථය අනතුරට පත් වි රියදුරා බරපතල ලෙස තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

මෙම අනතුර සිදු වි ඇත්තේ අද (07) දහවල් 12 ට පමණ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව චැපල්ටන් වත්ත ප්‍රදේශයේ දී.

බගවන්තලාව ටින්සින් නගරයේ සිට දිනපතා පෙර පාසල් ළමුන් ප්‍රවාහනය කරන එම ත්‍රිරෝද රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවත්, ඉදිරිපස ඇක්සලය කැඩියාමත් සමග ත්‍රිරෝද රථය රියදුරු පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවත්, ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය සඳහන් කළේ.

වෙනත් පුවත්

ලෝක බැංකුව සමඟ අමතර ඩොලර් මිලියන 200 ක ගිවිසුමකට අත්සන් තබයි

මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන්, ලෝක බැංකුව සමඟ අමතර ඩොලර් මිලියන 200 ක ගිවිසුමකට අද (07) අත්සන් තබා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී මුදල් අමාත්‍යංශය ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන සහ ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලේන් ( David Sislen) අදාළ ගිවිසුම්වලට අත්සන් තබා තිබෙනවා.

මෙම මූල්‍ය පහසුකම ලබා දීම ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා ලෝක බැංකුව විසින් දක්වනු ලබන අඛණ්ඩ සහයෝගීතාවය පිළිඹිබු කෙරෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ, ස්ථාවරත්වය සහ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ (RESET) සංවර්ධන ප්‍රතිපත්ති මුල්‍යකරණ (DPF) වැඩසටහනේ දෙවන අදියර යටතේ මේ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

මෙම දෙවසරක වැඩසටහන (2023-2024), දිළිඳු සහ අවදානමට ලක්විය හැකි අය කෙරෙහි ඇතිවන බලපෑම් අවම කරමින්, සාර්ව ආර්ථික ස්ථායිතාව ඇති කිරීම අරමුණු කොට ගනිමින් ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහනේ පළමු අදියර 2023 වසරේ දී ක්‍රියාත්මක වූ අතර, ප්‍රධාන අංශ තුනක් යටතේ ප්‍රධාන පූර්ව ක්‍රියාමාර්ග හතක් සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් පසු ඩොලර් මිලියන 500 ක මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ඒ යටතේ හැකි විය.

ඒ අනුව මෙම වැඩසටහනේ ප්‍රධාන අංශ 03 ලෙස, ආර්ථික පාලනය වැඩිදියුණු කිරීම: මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කරමින් රාජ්‍ය සම්පත් කළමනාකරණයේ මූල්‍ය විනය, විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීම, වර්ධනය සහ තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම: වඩාත් තරඟකාරී පුද්ගලික අංශයක් හරහා ශ්‍රී ලංකාවේ වර්ධන විභවය විවෘත කිරීම සහ දුප්පතුන් සහ අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීම: අර්බුදයේ ආර්ථික බිඳවැටීමෙන් සමාජයේ වඩාත්ම පීඩාවට පත් වූ කොටස් ආරක්ෂා කිරීම ලෙස හඳුන්වාදී තිබෙනවා.

අදාළ මූල්‍ය පහසුකම ලබා ගැනීමට සුදුසුකම් ලැබීමට නම්, රජය විසින් ඉහත සඳහන් ප්‍රධාන අංශ තුන යටතේ පූර්ව ක්‍රියාමාර්ගයන් නවයක් සම්පූර්ණ කළ යුතුව තිබු අතර මනා සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ද පවත්වා ගත යුතු වනවා.

ඒ අනුව මෙම මූල්‍ය පහසුකමේ දෙවන අදියර ලබාදීම සඳහා ද ලෝක බැංකු මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති අතර එය මූල්‍ය ගිවිසුම අත්සන් කිරීමෙන් පසු බලාත්මක වේ.

ලෝක බැංකුවේ මෙම මූල්‍ය ආධාරය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ අනාගතයේදී එවැනි අර්බුද නැවත ඇතිවීම වැළැක්වීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන අතරම ස්ථාවර සහ තරඟකාරී ආර්ථික පරිසරයක් නිර්මාණය කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *