BREAKING NEWS
Search

කොළඹදී කාන්තාවක් ව ඝාතනය කරයි

215

කෙසෙල්වත්ත පොලිස් වසමේ ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කාන්තාවක් මියගොස් තිබේ.

පහරදීමෙන් බරපතළ තත්ත්වයේ පසුවූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදි මියගොස් ඇත.

අද (07) අළුයම මෙම සිදුවීම සිදුව තිබේ.

මරණකාරිය වයස අවුරුදු 32ක් වයසැති කාන්තාවකි.

ඇයගේ ස්ථීර පදිංචි ලිපිනය මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය පවසයි.

මරණකාරිය සහ තවත් පුද්ගලයෙකු අතර ඇතිවූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව විමර්ශනයේදී අනාවරණ වී ඇත.

සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *