BREAKING NEWS
Search

11 දරුපියා පොලු පහරින් මරුට. පහර කා පැය එකහමාරක් පමණ ලේ ගලමින් එම ස්ථානයේම වැටී සිටිලා

416

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන පොලිසිය ඉකුත් (04) පැවසීය.

මෙසේ මරණයට පත්ව ඇත්තේ රක්වාන රංවලතැන්න වත්තේ පදිංචිව සිටි සෙල්ලපන් බාලක්‍රිෂන් නැමැති වතු සේවකයෙකි.

මියගිය අයට බිරින්දෑවරු දෙදෙනකු සිටින බව් එක් බිරිඳකට දරුවන් හත් දෙනකු ද අනියම් බිරිඳට දරුවන් හතර දෙනකුද සිටින බව පොලිසිය සඳහන් කළේය.

මියගිය අය බීමත්ව සිය නිත්‍යානුකූල සමග ගැටුමක් ඇති කර ගත් අතර තුර ඊට මැදි වූ බිරියගේ සහෝදරයකුට ද මරණ කරු තියුණු ආයුදයකින් පහරදිමට උත්සහ කළ අවස්ථාවේ ඉන් බේරීමට   ඒ අසල තිබූ පොල්ලක් ගෙන මරණකරුගේ හිසට පහර දී ඇත.

පහර කෑ මියගිය පුද්ගලයා එකහමාරක් පමණ ලේ ගලමින් එම ස්ථානයේම වැටී සිට ඇති බව පොලිසිය පැවසීය .

අනතුරුව ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු  තුවාලකරු රක්වාන රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී ඔහු වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා කහවත්ත රෝහලටත් පසුව රත්නපුර මහ රෝහලට මාරුකර යවා තිබුණි .

අනතුරුව දින දහයක් පමණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් (04) දින ⁣ඔහු මියගොස් ඇති බව පොලිසිය පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *