ලබන ජනවාරි මාසයේ සිට යළි වාහන ආනයනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව ලංකා වාහන ආනනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ කියා සිටියේ ඒ සදහා මහ බැංකුව මේ වන විටත් මුදල් වෙන් කර ඇති බවයි.
වෙනත් පුවත්
අධිකරණයට ගිය ශ්‍රී ලංකන් බස් ටෙන්ඩරය
ශ්‍රී ලංකා ගුවන් සේවා ආයතනය සඳහා බස් රථ තුනක් සැපයීමට ලබාගත් ටෙන්ඩරයක් අහිමි කිරීම තුළින් පෞද්ගලික ආයතනයකට ඇමරිකානු ඩොලර් 738,000 ක මුදලක් පාඩුවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට ඊයේ (03)නියෝග කළා.
පෞද්ගලික ආයතනයක හිමිකරුවෙකු මෙන්ම එහි අධ්‍යක්ෂකවරයකුවන කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ජනක විජේනායක නමැති අයකු එම අපරාධ විමර්ශන අංශය වෙත කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණයෙන් මෙම නියෝගය සිදුකළේ.
විදෙස් නිෂ්පාදකයන්ගේ අවසර ලත් දේශීය නියෝජිතයකු වශයෙන් කටයුතු කරන තම ආයතනය රාජ්‍ය හා පෞද්ගලික ආයතන වලට භාණ්ඩ හා සේවා සැපයුම් කරන බවද එම පැමිණිල්ල මගින් පෙන්වාදී තිබෙනවා.
ශ්‍රී ලංකා ගුවන් සේවා ආයතනයට මගී පර්යන්ත බස් රථ තුනක් සැපයීම සඳහා තම ආයතනය චීනයේ ආයතනයක් සමඟ සබඳතා පැවැත් වූ බවද ඊට අදාළ දත්ත තම ආයතනය සතුව තිබූ බවද ඔහු සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබෙනවා.
එසේ තිබියදී පැමිණිලිකරු යටතේ වැඩ කරන එහි සේවකයෙකු එම ටෙන්ඩර් සිද්ධියට අදාල සියලු දත්ත මකා දමා එම සියලු දත්ත වෙනත් පෞද්ගලික ආයතනයක් වෙත ලබා දී ඇති බවද ඔහුගේ පැමිණිල්ලේ සඳහන්.
මෙම වංචනික සිද්ධිය නිසා තමාට විශාල අගතියක් මෙන්ම ඇමරිකානු ඩොලර් 738,000 පාඩුවක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වා තමන්ට සහනයක් ලබා දෙන ලෙසද ඔහු සිය පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.




















