Search

යුවලක් එකතු වී ගෙවත්තේ වල දමා තිබියදී හමු වූ දේ මෙන්න

231

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය පැවසීය.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වරකාපොළ පොලිස් වසමේ අල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින 59 හැවිරිදි කාන්තාවක් හා 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බව පොලිසිය පැවසීය.

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක නීති විරෝධී මත්පැන් සගවා ඇති බවට වරකාපොළ පොලිසියට තොරතුරක් ලැබුණු බව පොලිසිය පැවසීය.

පසුව දහවල් අදාල නිවසට ගොස් පරීක්ෂා කරන අවස්ථාවේ දී වළ දමා තිබුණු ගල්කටස් වර්ගයේ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හමු වු බවත් පොලිසිය පැවසීය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *