BREAKING NEWS
Search

බස් රථයක් ගිනිගැනීම නිසා අකාලයේ සමුගත් මල් කැකුළු 22 ක් සහ ගුරුවරුන් තිදෙනා ගැන ඇසෙන හදවත කම්පා කරවන කතාව

1714

තායිලන්තයේ බැංකොක් නගරයට පිටත ප්‍රදේශයක ගමන් කරමින් තිබූ ප්‍රාථමික සිසුන් රැගත් බස් රථයක් ඊයේ (01දා) අනතුරකට ලක්ව ගිනි ගැනීම හේතුවෙන් එහි ගමන් ගත් සිසුන් 22 දෙනකු ඇතුළු 25 දෙනකු අතුරුදන්ව ඇත. එම පිරිස මියගොස් ඇති බවට බලධාරීහු සැක පළ කරති.

මෙසේ මියගොස් ඇති බවට සැක කෙරෙන 25 දෙනාගෙන් 22 ක් සිසුන් වන අතර තිදෙනෙක් ගුරුවරු වෙති. බස් රථයේ ගමන් ගත් ප්‍රාථමික ශ්‍රේණි සිසුන් 16 දෙනකු හා ගුරුවරුන් තිදෙනකු අනතුරෙන් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අනතුරෙන් බස් රථය සම්පූර්ණයෙන් ගිනිගෙන දැවී ගොස් ඇත. අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කර ඇති විමර්ශන කණ්ඩායමට ගිනි ගත් බස් රථයේ පවතින අධික රස්නය නිසා ඊයේ සවස් වන විටද ඒ තුළට ඇතුළු වීමට නොහැකි වී තිබේ.

පාසල් සිසු සිසුවියන් පිරිසක් උතුරුදිග තායිලන්තයේ උතයි තානි පළාතේ පාසල් ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක් ගොස් ආපසු පැමිණෙමින් සිටියදී මෙසේ බස් රථය අනතුරට පත්ව ඇති බව වාර්තා වේ. මෙම ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව සඳහා ප්‍රථමික සිසුන් රැගත් බස්රථ තුනක් ගොස් ඇති බව කියයි.

තායිලන්ත ප්‍රවාහන ඇමැති සූරීයහේ ජුවන් ග්රුන්ගෘවන් ග්කිට් පවසා ඇත්තේ අනතුරට පත් බස් රථය අතිශයින් අවදානම් ස්වභාවික ගෑස් වර්ගයකින් ධාවනය වූ බවත් මෙම අනතුර ඉතාමත් ඛේදජනක බවත්ය.

මෙම අනතුරින් දරුවන් බේරාගන්නට ගොස් ජීවිතයෙන් සමුගත් ගුරුව‍රියක් ගැන මේ  අනතුරෙන් පස්සේ ගොඩක් දෙනක් කතා කරන්නට වුණා.. ඇය ඇතුළු ළමුන් 22 දෙනෙකු මෙම අනතුරින් මිය ගියා..

ගුරුවරිය සිය සිසුන් ආරක්ෂා කිරීමට උත්සාහ කරන අතර, බසයේ ගින්න වේගයෙන් ඇවිලී ගිය අතර, ඇය කුඩා දරුවෙකු තම අතේ තබාගෙන සිටිනු දක්නට ලැබී තිබුණා..

කනොක්වාන් ගුරුතුමිය සහ තම අවසන් හුස්ම පොද තෙක් තම ශිෂ්‍යයන් ආරක්‍ෂා කර ගැනීමට කැප වූ නිසා ඇගේ මේ මරණය ගැන බොහෝ දෙනා කතා කරනවා..



Leave a Reply

Your email address will not be published. Required fields are marked *