BREAKING NEWS
Search

නව රජයේ මංගල කැබිනට් හමුවේදී විශේෂ තීරණ රැසක්..

443
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ, දැනට පවතින අණ පනත් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බවයි.

එම කමිටුවේ සාමාජිකයින් වන්නේ,

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි (සභාපති)
විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩී. දිසානායක
විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා බුළුමුල්ල

එම කමිටුව සකසන වාර්තාව කැබිනට් මණ්ඩලයට යොමු කර ඒ අනුව ඉදිරි තීරණ ගැනීමට ද නියමිතයි.

එසේම, නව ආණ්ඩුවේ මංගල කැබිනට් හමුවේදී ගත් විශේෂ තීරණ පහතින්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *