BREAKING NEWS
Search

අමුතු ඝාතනයක්

148

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බව ගණේමුල්ල පොලීසිය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ වදුරව ප්‍රදේශයේ පදිංචි සිටි 42 හැවිරිදි අයෙකු බව පොලිසිය පවසයි.

තුවාල ලබා ඇති යතුරු පැදිය පදවාගෙන ගිය තැනැත්තා 1990 ගිලන් රථයකින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇති බවත් එහිදී ශල්‍යාකර්මයට භාජනය කොට ඇති බවද පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.පී.එස්.ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ සිදු කෙරේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *