BREAKING NEWS
Search

විදුලිය ගාස්තු අඩු කරනවද ?

444

විදුලි ගාස්තු අඩු කිරීම ගැන විශ්ලේෂණයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පවසනවා.

එහි වාර්තාව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කරන බව ඔහු සඳහන් කළා.

මහජන උපයෝගීතා කොමිෂමේ නිල කාලය මේ වනවිට අවසන්ව ඇති අතර ඊට නව සාමාජිකයින් පත් කෙරෙන්නේ නව පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව බව ඔහු පැවසුවා.

සභාපතිවරයා අවාධාරණය කළේ, මාස 6කට වරක් විදුලිය ගාස්තු සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ යුතු වුවත් එය විදිමත් පරිදි සිදුවී නොමැති බවයි.

ජනතාවට උපරිම සහනයක් සැලසෙන පරිදි විදුලිය ගාස්තු අඩු කිරීම නව රජයේ අපේක්ෂාව බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *