BREAKING NEWS
Search

මම ඇප්ලිකේෂන් එකක් පුරවන්න ඔහුගේ ගෙදරට ගිය වෙලේ මට කරදර කළා – රංගන ශිල්පිනියක් කළ චෝදනාවක් හේතුවෙන් ප්‍රවීණ සිනමා තරුවක් පොලිස් අත්අඩංගුවට

940
මලයාලම් සිනමාවේ නිළියන්ට සිදුවුණ අකටයුතුකම් සම්බන්ධව හෙළි කරන හේමා කමිටු වාර්තාව සම්බන්ධව බොහෝ කතාබහට ලක්වුණා.

සුන්දර මලයාලම් සිනමාවේ අසුන්දර දේවල් හෙලි කරන මේ මලයාලම් සිනමා නිලියන්ගේ හෙලිදරව් කිරීම් නිසා මලයාලම් සිනමාවේ සිටින සුපිරි සහ ප්‍රවීන නළුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මලයාලම් චිත්‍රපට ශිල්පීන්ගේ සංගමයේ (AMMA) හිටපු ප්‍රධාන ලේකම් Edavela Babuට එල්ල වී ඇති චෝදනාව වන්නේ ස්ත්‍රී දූෂණ චෝදනාවකුයි.

කාන්තා රංගන ශිල්පිනියක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව බාබුට ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ල වී ඇති අතර Ernakulam Town North පොලිසිය විසින් නඩු පවරා තිබෙනවා.

AMMA සාමාජිකත්වය සඳහා පෝරමයක් පිරවීම සඳහා ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවක නම මාධ්‍ය වෙත හෙළි කර නැති නිලියකවන ඇයව දූෂණය කළ බවටයි චෝදනා කර ඇත්තේ.

මේ අතරම සිද්දික්, මුකේෂ්, මනියන්පිල්ල රාජු සහ අධ්‍යක්ෂක රංජිත් ඇතුළු ප්‍රමුඛ පෙළේ නළු නිළියන්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට එරෙහි ලිංගික අතවර සහ හිරිහැර පිළිබඳ චෝදනා එල්ල වි තිබෙනවා.

Malayalam actor Edavela Babu arrested on rape charges | India News - The  Indian Express




Leave a Reply

Your email address will not be published. Required fields are marked *