BREAKING NEWS
Search

ඔබ පත්කරගත්තේ, මේ රටේ අන්තීම විධායක ජනාධිපතිවරයා – සුනිල් හඳුන්නෙත්තිගෙන් හෙළිදරව්වක්

241

අනුර දිසානායක මහතා මෙරට අවසන් විධායක ජනාධිපතිවරයා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අනුර කුමාර දිසානායක මහතාගේ දිවුරුම්දීමෙන් අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

“ජනතාවගේ අරගලය ජයග්‍රහණය කළා. ඉතිං මේ අරගලය ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට අරගෙන යන්න ඔනේ. අපි විශ්වාස කරනවා, ඉතුරු ප්‍රයත්නය සාර්ථක කරන්න පුළුවන් කියලා. මේක ආරම්භයක් විතරයි. අපේ ආදර්ශයෙන් ජනතාවගේ අනුමැතිය සහ උදව්වෙන් අපි මේ රට හදනවා. අපි මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දුවක් තියෙනවා.

දේශපාලකයින්ට ජනතාවට නැති දේවල් අවශ්‍ය නැහැ කියලා. අපි ඒ වගේම රකිනවා. ඔබ අද පත්කරගත්තේ, මේ රටේ අන්තීම විධායක ජනාධිපතිවරයා. මීට පස්සේ විධායක ජනාධිපතිවරු නැහැ. විධායක ජනාධිපතිධුරය අහෝසි කරන ජනාධිපතිවරයා තමා පත් කරගත්තේ. ඒ සඳහා සහාය දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *