BREAKING NEWS
Search

වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට

570

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මුල්ලිවයිකාල් නැගෙනහිර, මුලතිව්  හි පදිංචි මාස 11 ක් වන ඒ. තුයිෂිකා නැමැති දැරියක බව පොලිසිය පවසයි.

සිද්ධිය වූ දින දැරියගේ මව එම දැරිය නහවා ඇති අතර පසුව දැරිය එම බේසම අසල තබා යමක් ගැනීම සඳහා නිවෙසට ගොස් ඇති බව පොලිසිය පවසයි.

එහිදී දැරිය නැවත බේසමට වැටී පාවෙමින් සිටිනු දැක මව විසින් දැරිය බේසමෙන් ගෙන රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

එම මවට තවත් අවුරුදු 4 ක දරුවකු ද සිටින බව පොලිසිය පවසයි.

දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි.

මුලතිව් දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.යූ.පී. අමරතුංග මහතාගේ උපදෙස් පරිදි ඩබ්.පී.එම්.ඒ. අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *