BREAKING NEWS
Search

පොලිසියේදී පොලිස් කොස්තාපල් ගේ ගිනි අවිය පත්තුවෙයි

179

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හානි සිදු වී ඇති බව පොලිසිය කියයි .

පොලිස් තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයකු බව කියන එම පොලිස් කොස්තාපල්වරයා මැතිවරණ විශේෂ රාජකාරී සඳහා යාමට පෙර ලබාදුන් ගිනි අවිය පරීක්ෂා කිරීමේදී ගිනි අවිය ක්‍රියාත්මක වී එහි තිබූ උණ්ඩයක් පිටව ගොස් තිබේ .

ගිනි අවිය ඉහළට ඔසවා තිබියදී එය ක්‍රියාත්මක වීම හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර යම් හෙයකින් එය වෙනත් දිශාවකට යොමුව තිබුණේ නම් විශාල හානියක් සිදුවීමට ඉඩ තිබූ බව සිද්ධිය දුටුවෝ පවසති .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *