BREAKING NEWS
Search

මිදිගමත් වෙඩි තැබීමක්

242

මිදිගම ,ගොවියාපාන ප්‍රදේශයේ මාළු වෙළෙඳසැලක හිමිකරුවෙක් අද (19) උදෑසන  වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇතැයි තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, 38 හැවිරිදි කැලුම් චතුරංග නැමති මාළු වෙළෙන්ඳෙකි.

මෙම ඝාතනය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ක්‍රියාවක් බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මාළු ලබාගැනීමට පැමිණි තවත් පුද්ගලයින් දෙදෙනෙකුට ද වෙඩි වැදි තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාතර මහරෝහලට ඇතුළත් කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *