BREAKING NEWS
Search

කොහුවල වෙඩිතැබීමක් – අයෙක් මරුට

152

කොහුවල පොලිස් වසමේ සරණංකර පාර, ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුකර තිබේ.

ඒ සම්බන්ධයෙන් කොහුවල පොලීසියට ලද පණිවුඩයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයා අවුරුදු 43ක නැදිමාල, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ රාත්‍රීයේ අදාළ වෙඩිතැබීම සිදුව ඇති අතර, වෙඩි වැදුණු පුද්ගලයා එම වෙළෙඳසැලේ හිමිකරු වේ.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇත.

ඝාතනයට හේතුව හෝ සැකකරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *