BREAKING NEWS
Search

අවුරුදු 12 දැරියට හදි කල නරුම පියා සහ සහෝදරයන් දෙදෙනා

382

කුඩා දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් එම දැරියගේ පියා සහ සහෝදරයින් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසනවා.

වැලිගම පොලිස් වසමේ පදිංචි වයස අවුරුදු 12ක දැරියක් මෙලෙස සමූහ දූෂණයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මීට වසර දෙකකට පෙර දැරියගේ පියා විසින් ඇයව දූෂණය කර ඇති බවට කරුණු අකවරණය වී ඇති අතර,පසුව ඇයගේ සහෝදරයන් දෙදෙනා විසින් ද දෙමව්පියන් නිවසේ නොමැති අවස්ථාවන්වල දී දැරියව දූෂණයට ලකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

පියා සහ සහෝදරයින් දෙදෙනා විසින් දැරියව දූෂණය කිරීමෙන් පසු දැරියට සිදුකළ තර්ජන හේතුවෙන් එම සිද්ධිය සම්බන්ධයෙන් ඇය මවට හෝ වෙනත් අයෙකුට පවසා නොමැති බවයි වාර්තා වි ඇත්තේ.

මෙම දැරියගේ ලොකු තාත්තා දැරියගේ නිවසට පැමිණ ඇයට ලිංගික අතවරයට ලක්කර ඇති අවස්ථාවක ඒ සම්බන්ධයෙන් දැරිය මවට පවසා ඇති බවද පැවසේ.කෙසේ වෙතත් දැරියගේ වැඩිමහල් සහෝදරයෙකුට රැකියාවක් සම්බන්ධයෙන් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් පසුගිය දා නිවසට පැමිණ තොරතුරු පරීක්ෂා කර තිබේ.එහිදී මෙම දැරිය තමාට සිදුවූ කරදර හිරිහැර සම්බන්ධයෙන් එම නිලධාරියා දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් එම නිලධාරියා වැලිගම පොලිසිය වෙත පවසා ඇති බව සඳහන්.

එම තොරතුර මත සැකකාර 47 හැවිරිදි පියා අවුරුදු 18,15 යන වයස්වල පසුවන සහෝදරයින් දෙදෙනා මෙලෙස ඊයේ (13) දින අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර තිබෙනවා.

දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසියේ ළමා කාන්තා කාර්යාංශය මඟින් පරීක්ෂණ මෙහෙයවනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *