වැඩ වැරදුනු මිනුවන්ගොඩ රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය ඇතුළු සහායිකාවන් දෙදෙනා ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න..

589
පසුගිය දවසක බොහෝ දෙනෙක් කතා බහ කළ මේ සිදුවීම ඔබටත් මතක ඇති..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචිය..

සති දෙකක් තිස්සේ අතුරුදන්ව සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිනිය සහ සහායිකාවන් දෙදෙනා අද මිනුවන්ගොඩ අධිකරණයට භාරවෙනු ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරනවා..

කැරලි කොණ්ඩයක් සකස් කර ගැනීමට මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයකට ගිය කතකගේ කොණ්ඩය කැඩී යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු කටයුතු අද පැවැත්වෙනවා..

මේ සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ද විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එහි වැටලීම් හා විශේෂ විමර්ශන අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා සඳහන් කරනු ලැබුවේ අදාළ කාන්තාවගේ හිසේ ගැල්වූ ආලේපනය හඳුනා ගැනීමට මෙතෙක් හැකියාවක් ලැබී නැති බවයි..

ඊට හේතු වී ඇත්තේ මෙතෙක් එම රූපලාවණ්‍යාගාරය ඉබි යතුරු දමා වසා එහි හිමිකාරිනිය සහ සහායකයන් දෙදෙනා පලාගොස් සැඟවී සිටින බැවින්.. යම් ආයතනයක දොරගුළු කඩා විවෘත කිරීමට තම ආයතනයට බලයක් නැති බව ද ඔහු පැවසුවා…

පොලිසිය මේ සිදුවීම සම්බන්ධයෙන් මිනුවන්ගොඩ අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, ඒ අනුව එම රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිනිය සහ සේවිකාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා..

සති දෙකකට වැඩි කාලයක් ගෙවී ගොස් ඇතත් පොලිසියට ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන රූපලාවණ්‍යාගාරය පරීක්ෂා කිරීමට හැකියාවක් ලැබී නැහැ.. පොලිසිය පාර්ශ්වයෙන් පවසන්නේ එම සැකකරුවන් තිදෙනා ගේ දොර අතහැර පලා ගොස් සිටින බවය්ඊ..

හිමිකාරිනිය පලා ගොස් සැඟවී සිටියත් ඇගේ සහායකයන් දෙදෙනා සිටින බවට විවිධ තොරතුරු පාරිභෝගි කටයුතු අධිකාරියට ලැබී තිබෙනවා..

දිනමිණ ඇසුරෙන්..

Make a Comment



Leave a Reply

Your email address will not be published. Required fields are marked *