BREAKING NEWS
Search

ඇගේ මරණයට හේතුව හෙළිවෙයි.. සියල්ලන්ම හඬවමින් තෙල්දෙණිය රෝහලේදී අවසන් ගමන් ගිය තනුජා දිල්රුක්ෂි ගැන ඇසෙන කඳුළු කතාව මෙන්න..

611
කුරුණෑගල, උහුමීය, කොට්ටගස්හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි තනුජා දිල්රුක්ෂි වික්‍රමනායක නමැති 30 හැවිරිදි විවාහක තරුණියගේ මරණය ගැන ඊයේ බොහෝ දෙනෙක් කතා කළා..

ඒ ඇගේ මරණය සිදුවුණේ කොහොමද කියන එක ඇත්තටම බොහෝ පිරිසකට ප්‍රශ්නාර්ථයක් වුණ නිසායි.. කොහොම වුණත් මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම කතාවක්..

නිව්මෝනියා උණ රෝගයට ගොදුරුව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අසාධ්‍ය තත්ත්වයට පත්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මරණයට පත්වූ බව කියන සංවර්ධන නිලධාරිනියකගේ මරණය සම්බන්ධයෙන් මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා..

මීට වසරකට පමණ ඉහතදී විවාහවී ඇති ඇය කොට්ටගස්හන්දිය ප්‍රදේශයේ තම සැමියාගේ නි‍ෙවසේ පදිංචිව සිටියදී පසුගිය 30 වැනිදා උණ රෝගයට ගොදුරුව ඇත. එම උණ තත්ත්වය නිව්මෝනියාවට හැරීම හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා ඉකුත් පසුදින 31 වැනිදා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර,  අසාධ්‍ය තත්ත්වයේ පසුවුණු ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර ලබා දිය යුතු වුවද, එහි ඉඩකඩ නොමැතිවීම හේතුවෙන් එදිනම රාත්‍රියේ තෙල්දෙණිය මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට තීරණය කර තිබුණා…

මේ සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ඇය සිහිසුන් තත්ත්වයට පත්කර ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහල වෙත යවා ඇති බව පැවසුවා.. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය එදිනම රාත්‍රියේ මරණයට පත්ව ඇති බව යි..

මෙසේ මරණයට පත්ව සිටින්නේ කුරුණෑගල, කොට්ටගස්හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි තනුජා දිල්රුක්ෂි වික්‍රමනායක කොළඹ වාණිජ මහාධිකරණයේ උපාධිධාරි සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇය කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු වන වික්‍රමනායක මහතාගේ දියණියක වනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *