BREAKING NEWS
Search

තාත්තාගේ ටැටූව ගහන්න ආපු අයියා දුවවත් අරන් පැනලා ගිහින්…

232
පියාගේ සිරුරේ ටැටූ නිර්මාණයක් කිරීමට පැමිණි ටැටූ ශිල්පියෙකු වයස අවුරුදු 14ක දියණිය රැගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් බේරුවල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

බේරුවල බණ්ඩරවත්තේ පදිංචි දැරියගේ පියා විසින් කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර දැරියගේ මව විදේශගතව සිටින බවත් දියණිය පියා සමග වාසය කරන බවත් පොලීසිය පවසයි.

පෙරේදා (02 වැනිදා) ඥාති මිත්තනියකට දුරකථන ඇමතුමක් ලබා දෙමින් අතුරුදහන්ව සිටි දියණිය පවසා ඇත්තේ තමාව රැගෙන ඒම සඳහා මොරටුවට පැමිණෙන ලෙසයි.

ඒ අනුව මොරටුව වෙත ගොස් දියණිය කැටුව ආ මිත්තනිය ඇය පොලිසියට ඉදිරිපත් කර ඇත.

පොලිසිය කළ ප්‍රශ්නකිරීම්වලදී ඇය ප්‍රකාශ කර ඇත්තේ මොරටුව ,උස්වත්ත ප්‍රදේශයේ පිහිටි ටැටූ ශිල්පියාගේ නිවසේ තමා සිටි බවයි.

දැරිය මේ වනවිට විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *