ඇයට වැළඳී තිබුණේ උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව පමණයි..
පසුගිය දිනක ඇයට වැළඳුනු අසනීප තත්වයක් එන්න එන්නම නරක අතර හැරුණු නිසා ඇය කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇය ඇතුළත් කළත් ඉන් පලක් වී නැහැ.. පසුව දිල්රුක්ෂි තෙල්දෙණිය රෝහලට රැගෙන ගොස් එහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළත් එහිදී ඇය ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණා.. මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල, උහුමිය, කොට්ටයාය හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි බුලුවාන වත්තේ ගෙදර දිල්රුක්ෂි වික්‍රමනායක නමැති විසි නව හැවිරිදි තරුණියයි..
“මියගොස් ඇත්තේ මගේ වැඩිමල් දියණියයි. දියණියට කැස්ස හෙම්බිරිස්සාව සහ උණ රෝගය වැළඳී තිබුණා. ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. දියණිය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදිය යුතු වුවත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳක් වෙන් කර ගැනීමට නොහැකි වූ නිසා තෙල්දෙණියේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳක් තිබෙන නිසා දුව සිහි නැති කර තෙල්දෙණිය රෝහලට මාරු කර යැව්වා, මට දැනුම් දුන් ගමන් මමයි බිරිඳයි මගේ බාල දියණි යයි ඥාති පුතකුයි තෙල්දෙණිය රෝහලට පිටත්ව ගියා. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දුන්නා. තෙල්දෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරයකු මට දැනුම් දුන්නා දුව මිය ගිය බව”
රාත්‍රී 10.30 ට පමණ ඇය එම රෝහලට මාරු කර යවා තිබුණත් ඇය රාත්‍රී 11.50 ට පමණ මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.. මෙම මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය පැවැත් වූ තෙල්දෙණිය, උඩුදුම්බර හදිසි මරණ පරීක්ෂක පී.කේ. අබේරත්න විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා..
මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවේ ඇත්තේ මහනුවර ජාතික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි කේ.ජී.සී. එස්. චන්ද්‍රදාස පවත්වා ඇති අතර, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන්ට යැවීමට සිරුරේ කොටස් ගත් සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී චන්ද්‍රදාස මහතා එම පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසු මරණයට හේතු ප්‍රකාශයට පත් කරන බවයි..




















