BREAKING NEWS
Search

එකට කා බි මිතුරාට කල අපරාධය

159

කුලියාපිටිය රත්මලේවත්ත ප්‍රදේශයේ ඊයේ (31) රාත්‍රියේදී නිවසක් තුළ පුද්ගලයෙකු ව තියුණු ආයුධයකින් පහරදී  ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 31 හැවිරිදි එම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ එක්දරු පියෙකි.

ඝාතනයට ලක් වූ තැනැත්තාට එරෙහිව කුලියාපිටිය අධිකරණයේ මිනීමැරුම් ඇතුළු නඩු කිහිපයක් විභාග වෙමින් තිබූ බව සඳහන් ය.

එම ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගි වීමට පෙර එම නිවසේ පැවති මත්පැන් සාදයකදී ඇති වූ බහින්බස් වීමක් මෙම ඝාතනය ට හේතු වී ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධව එම නිවසේ පදිංචි අයෙකු සහ තවත් ආයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *