මේ දවස්වල මලයාලම් සිනමාව පැත්තෙන් අහන්න ලැබෙන්නෙ එච්චර හොඳ කතා නෙවෙයි.
පහුගිය දවස්වල ජනප්‍රිය මලයාලම් නළුවන් රැසකට ම ලිංගික අතවර චෝදනා එල්ල වෙන්න ගත්තා.
මේ හේතුවත් එක්ක මලයාලම් ශිල්පීන්ගේ සංවිධානයේ (AMMA) සභාපති ප්‍රකට සිනමා නළු මෝහන් ලාල් ප්‍රමුඛ සංවිධානයේ සියලු විධායක කමිටු සාමාජිකයින් ඉල්ලා අස්වෙන තැනටම ඇවිත් !
මලයාලම් සිනමා නළුවන් රැසකට සහ සිනමා අධ්‍යක්ෂකවරයකුට එරෙහිව නිළියන් කිහිප දෙනෙකු විසින් එල්ල කර තිබූ චෝදනා සම්බන්ධයෙන් සොයා බලන්න, කේරළ ප්‍රාන්ත රජය විසින් පත්කර තිබූ විනිසුරු හේමා කමිටුවේ විමර්ශන වාර්තාව ඉකුත් සතියේ නිකුත් කරනු ලැබුවා.
ඊට අනුවයි නළුවන් රැසකට ලිංගික අතවර චෝදනා එල්ලව තිබුණේ.
හේමා කමිටු වාර්තාව පිටු 290කින් සමන්විත වනවා සේ ම එහි මලයාලම් සිනමාවේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු, දුර්වල සේවා තත්ත්වයන් සහ අධික ලිංගික හිංසනයන් යනාදි විස්තර ඇතුළත්.
2017 වසරේ ප්‍රමුඛ පෙළේ නිළියකට එල්ල වූ කම්පන සහගත ලිංගික අතවර සිදුවීමෙන් පසුවයි, කේරළ මහාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් රජය විසින් හේමා කමිටුව පිහිටුවන ලද්දේ.
නිළියන්ගේ චෝදනා අතර මධ්‍යම රාත්‍රියේ සිය හෝටල් කාමරවල දොරට තට්ටු කළ බවට අධ්‍යක්ෂකවරුන්ට එල්ල කරැති චෝදනා කිහිපයක් ම වන බව සඳහන්.
සුප්‍රසිද්ධ නළු සිද්දික් 2016 වසරේ දී තමාව දූෂණය කළ බවට එක් නිළියක් චෝදනා කර ඔහුට එරෙහිව පොලිස් පැමිණිල්ලක් ද ගොනු කර තිබුණා.
කොහොම නමුත් චෝදනාවෙන් පස්සෙ ‘AMMA’ හි ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ සිද්ධික්, මෙය ප්‍රතික්ෂේප කර ඇති අතර පැමිණිලිකරුට එරෙහිව “තමාගේ කීර්ති නාමය කැළැල් කිරීමට” උත්සාහ කරන බවට චෝදනා ද එල්ල කරලා.
2017 දී ප්‍රාන්ත රජය විසින් පිහිටුවන ලද හේමා කමිටුව විශේෂයෙන්ම අවදානය යොමුකළ කාරණා කිහිපයකි.
ඒවා නම්,
කනිෂ්ඨ කලාකරුවන් සඳහා වැසිකිළි පහසුකම් හා ඇඳුම් මාරු කිරීමේ කාමර නොමැතිකම, ඔවුන්ට ආහාර සහ ජලය නොමැති වීම, නවාතැන් හෝ ප්‍රවාහන පහසුකම් නොමැතිකම, අඩු වැටුප්, ඔසප් කාලය තුළ සනීපාරක්ෂක තුවා දිගු වේලාවක් යනතුරු මාරු කිරීමට නොහැකි වීම, ශාරීරික අපහසුතා, ලිංගික හිංසන යනාදියයි.
ඉහත සියල්ල ඇතුළත් කර 2019 දෙසැම්බර් මාසයේදී රජයට ඉදිරිපත් කරන ලද වාර්තාව ප්‍රසිද්ධියට පත් කළේ වසර පහකට ආසන්න ප්‍රමාදයකින් පසුවයි.
ඒ, ක්ෂේත්‍රයේ සාමාජිකයින්ගේ විවිධ නීතිමය අභියෝගවලින් පසුව බවයි විදෙස් වාර්තා පවසන්නෙ.
















