BREAKING NEWS
Search

දියණියගේ මුහුණ පිලිස්සු පියා

126

බණ්ඩාරවෙල ලියන්ගහවෙල අඹදන්ඩේගම ප්‍රදේශයේ නිවසක දි දැල්වූ ගිනිකූරකින් සිය බාලවයස්කාර 12 හැවිරිදි දියණියගේ මුහුණ පුලුස්සා   බැණ තර්ජනය කරමින් පහරදී දී  දියණියට කෲර වධහිංසා දුන්නැයි සැකපිට දෙදරු පියෙකු අද (29) අත්අඩංගුවට ගත් බව ලියන්ගහවෙල පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල අඹදන්ඩේගම මැදපතන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි දෙදරු පියෙකු යැයි පොලිසිය කීය .

දැල්වූ ගිනිකූරකින් මුහුණ පුලුස්සා  පහරදී මෙන්  තුවාල ලැබු බණ්ඩාරවෙල අඹදන්ඩේගම ප්‍රදේශයේ පදිංචි ලියන්ගහවෙල ප්‍රදේශයේ පාසලක 7 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවිය දියතලාව රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පැවසීය .

මෙම සිසුවිය ගේ මව  අඹදන්ඩේගම රෝස්ලෑන්ඩ්වත්ත  තේ කර්මාන්ත ශාලාවක රැකියාව කරන බවත් ,ඇයට  අවුරුදු හයක නැගනිය ක සිටින බවත් පොලිසිය පවසයි .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *