BREAKING NEWS
Search

වරෙන්තු 26ක් නිකුත් කර තිබූ සැකකාරියක් අත්අඩංගුවට

131

කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

2013 වර්ෂයේ දී රජයේ රැකියා ලබා දෙන බවට පවසමින් ඌව පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා කූඨ ලෙස සකස් කළ පත්වීම් ලිපි ලබා දී මෙම සැකකාරිය මුදල් වංචා සිදුකර ඇත.

පොලීසිය සඳහන් කළේ සැකකාරියට එරෙහිව තිබූ පැමිණිලි 26 ක අදාළව බදුල්ල, විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන සිදුකර සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයේ නඩු පවරා තිබූ බවය.

ඒ අනුව මෙම සැකකාරිය කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය මගින් වැරදිකරු කරන ලද අතර වැරදිකාරිය අධිකරණය මගහරිමින් සිටි ඇත.

මෙම සැකකාරියට අධිකරණයෙන් වරෙන්තු 26ක් ද නිකුත් කර තිබූ බව සඳහන් වේ.

බදුල්ල, විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ (28) ආරච්චිකට්ටුව, නල්ලදරම්කට්ටුව ප්‍රදේශයේ දී මෙම සැකකරියව අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව සැකකරියට ඇප තැබූ තැනැත්තිය ද හලාවත නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අවුරුදු 52 හා 30 යන වයස්වල පසුවන ගොනාගොල්ල, අම්පාර ප්‍රදේශයේ පදිංචිකාරියන්ය.

මේ සම්බන්ධයෙන් බදුල්ල, විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *