BREAKING NEWS
Search

ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවෙක් කොටුවෙයි

342

ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් අද (23) අත්අඩංගුවට ගෙන තිබේ.

31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ නමැත්තා එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙහිවල කවුඩාන ප්‍රදේශයේ දීය.

එමෙන්ම අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගත් සහ වෙඩික්කරුවන්  බස්‍ රථයෙන් කතරගම දක්වා රැගෙන ගිය පුද්ගලයා වන වයස අවුරුදු 29ක් වූ තාරුකාර වරුණ ඉන්දිකද සිල්වා නමැති සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීම මත එහි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සැකකරුවන් සමග ටී-56 ගිනිඅවියක්, උණ්ඩ 120ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක් සොයාගෙන ඇති බව පැවසේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *