වෙන්නප්පුව සින්ද්‍රාන්තය ප්‍රදේශයේ සිවු දරු මවකගේ සිරුරට සැමියා පෙට්‍රල් හලා ගිනි තැබීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම මව මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ සංගවේල් සුසිලා නැමති සිව්දරු මවකි.
මරණයට පත් කාන්තාව මීට වසර දෙකහමාරකට ඉහතදී ආරථික ප්‍රශ්න හේතුවෙන් රැකියාවකට විදෙස් ගත ඇති අතර එහිදී ඇති කරගත් අනියම් සම්බන්ධතාවයක් මත නැවත දිවයිනට පැමිණ එම අනියම් සැමියා සමග ජීවත්ව ඇත.
අනතුරුව නීත්‍යානුකූල සැමියාගේ ඉල්ලීමකට අනුව තම දරුවකුගේ උපන්දින දවසේ එනම් ඉකුත් 10 දා එම නිවසට පැමිණ ඇති අතර 14 දා දක්වා එම නිවසේ දරුවන් ස්වාමියා සමග ජීවත්ව ඇත.
පසු තමා දැමූ බඩු පෙට්ටිය ගෙන ඒමට කොළඹ යන බවට සිදු කළ දැනුම් දීමකින් අනතුරුව තම ස්වාමියා නැවත නිවසට එන ලෙසට ඉල්ලා සිටියත් බිරිඳ විසින් නැවත මෙම නිවසට එන්නේ නැති බව පවසා ඇත.
එදින 14දා රාත්‍රී අඹු සැමි යුවළ අතර සිදුවූ බහින් බස් වීමකින් අනතුරුව ස්වාමියා පෙටුල් කෑන් එක ශරීරයට වක්කර ගිනි තබා ඇති බවට මුලික පරීක්ෂණ වලින් අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
සැකකාර සැමියා අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය සදහන් කරනවා.



















