BREAKING NEWS
Search

වෛද්‍ය මෞමිතා මවට යැවීමට වීඩියෝ කළා යැයි කියන වීඩියෝ පටයේ ඇත්ත කතාව එලියට

497
ඉන්දියානු පුහුණු වෛද්‍යවරියක වූ මෞමිතාට  අත්වුණ  ඉරණම සම්බන්ධව ලොවකම අවධානය යොමුව තිබෙනවා.

ඉන්දියාවේ පවා මේ වනවිට  විරෝදතාවන් පවා මේ හේතුවෙන් ඇතිව තිබෙනවා.

31 හැවිරිදි ඇය දූෂණයට ලක්ව මිය ගොස් සිටියදී සොයා ගැනුනා.

මේ සිදුවීමට සම්බන්ධ වූවන් සියල්ලන්ම අත්අඩංගුවට ගැනීමට හැකි වී නැතත් එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේ නමුත් මේ සිදුවීමත් සමගම සමාජ ජාලා හරහා වෛරල් වුණ වීඩියෝපටයක් හැමෝගේම අවධානය යොමුව තිබුණා.

ඒ වෛද්‍ය මෞමිතාගේ අවසාන මොහොතේ ඇය විසින් සිය මවට යැවීමට වීඩියෝ ගත කළා යැයි කියන වීඩියෝපටය සමබන්ධවයි.

කෙසේ නමුත්  factcrescendo වෙබ් අඩවිය වාර්තා කර තිබුණ ආකාරයට එවැනි ආකාරයේ වීඩියෝපටයක් ගැන වාර්තා වී නැති  අතරම සමාජ ජාලා තුල කතාබහට ලක්වුණ එම වීඩියෝපටය ව්‍යාජ එකක් බවට වාර්තා කර තිබුණා.

වෛද්‍ය මෞමිතාගේ සහ එම වීඩියෝ පටයේ පෙනී සිටිනා තැනැත්තියගේ කිසිදු සමානකමක් නැති බවද සඳහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *