BREAKING NEWS
Search

නොවැම්බර් මාසයේ ඇය විවාහ උත්සවයට සුදානම් වෙමින් සිටියේ -ඝාතනයට ලක් වූ වෛද්‍ය සිසුවිය මවුමිතාගේ පියාගෙන් සංවේදී ප්‍රකාශයක්

796

කොල්කටාහි වසර 138ක් පැරණි RG KAR වෛද්‍ය විද්‍යාලය තුළදී මවුමිතා නම් වෛද්‍ය සිසුවියක් දූෂණය කර ඝාතනය කිරීමට එරෙහිව ඉන්දියාවේ වෛද්‍යවරු මිලියනකට වැඩි සංඛ්‍යාවක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, වෛද්‍ය සිසුවිය දූෂණය කර ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමින්.

මේ අතර ඝාතනයට ලක්වූ සිසුවියගේ පියා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, සිය දියණියට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ලොවපුරා බොහෝ පිරිසක් එක්ව ඇති බවයි.

ඝාතනයට ලක්වු වෛද්‍ය සිසුවියගේ පියා පවසා සිටියේ මෙවැනි අදහසක්.

”ලොවපුරා සිටින බොහෝ පිරිසක් මගේ දරුවා වෙනුවෙන් පෙනී සිටිනවා. මට මගේ දරුවා වෙනුවෙන් යුක්තිය ඉටුවීමයි අවශ්‍යයි. ඇයගේ අධිෂ්ඨානය වුණේ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් උපාධියේ රන් පදක්කම ජය ගැනීම. ඒක තමයි ඇගේ සිහිනය. මම ඇයට අවස්ථා කිහිපයකදීත් ප්‍රකාශ කළා නොවැම්බර් මසදී ඇයගේ විවාහ උත්සවය සූදානම් කරන බව”

වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් ඉන්දියාව පුරා රෝහල් සහ සායන කටයුතු සම්පුර්ණයෙන් අඩපණ වී ඇති අතර හදිසි අවස්ථා සඳහා පමණක් වෛද්‍යවරුන් සිය සේවා සපයා ඇති බව වාර්තාවනවා.

මේ අතර ඉන්දියාව පුරා හටගෙන ඇති විරෝධතා රැල්ල හේතුවෙන්, සෑම ප්‍රාන්තයකම නීතිය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පැය දෙකකට වරක් තත්ත්ව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස, ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රාන්ත පොලිසි වෙත නියෝග කර ඇති බව ද ඉන්දීය වාර්තාවල සඳහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *