BREAKING NEWS
Search

සිසුවියන් දෙදෙනාට සිදු වුයේ කුමක්ද ? 15 හැවිරිදි සිසුවියන් දෙදෙනා හිටි හැටියේ අතුරුදන්

259

වැල්ලවාය කොටවෙහෙරගලයාය පදිංචි පහළොස් හැවිරිදි ශිෂ්‍යාවන් දෙදෙනෙකු ඊයේ (15)  සිට අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.

වැල්ලවාය ප්‍රදේශයේ ජාතික පාසලක දහවැනි වසරේ ඉගෙනුම ලබන මෙම ශිෂ්‍යාවන් දෙදෙනාගෙන් එක් සිසුවියක කොටවෙහෙර ගලයාය ප්‍රදේශයේ පදිංචිව සිටින අතර එම ගමේම පදිංචි ඇයගේ යෙහෙළියක් පාඩම්කිරීම සඳහා ඉකුත් (14) වෙනිදා සවස ඇයගේ නිවසට පැමිණ ඇත.

පසුදින උදෑසන බලන විට දැරියන් දෙදෙනා නිවසේ සිට නැත. නිවසේ හිමිකාරිය විසින් ඒ පිළිබඳව වැල්ලවාය පොලීසියට පැමිණිලිකර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *