දිවුල පිටය- මීගමුව මාර්ගයේ දූනගහ නගරයේ දී ටිපර් රථයක් සහ ත්‍රිරෝද රියක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රියේ ගමන් ගත් තිදෙනෙකු මියගොස් තවත් එක් අයකු තුවාල ලබා ඇතැයි දිවුලපිටිය පොලිසිය පවසනවා.
ගොඩිගමුව ප්‍රදේශයේ සිට දුනගහ දෙසට ධාවනය වූ ත්‍රිරොද රිය දිවුලපිටියේ සිට මීගමුව දෙසට ධාවනය වූ ටිපර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ එහි සිවු දෙනකු ගමන් කර ඇත.
සිද්ධිය වූ ස්ථානයේ එක් අයකු මියගොස් ඇති අතර අනෙක් දෙදෙනා රෝහලට රැගෙන යද්දී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ කාන්තාවකි. ඔවුන් ගොඩිගමුවේ පදිංචි කරුවන් බව පොලිසිය පවසයි.




















