BREAKING NEWS
Search

ඇත්තටම ඒ වෛද්‍යවරිය එහෙම දෙයක් කළාද..? තණමල්විල සිද්ධිය ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න..

454
මේ සිද්ධිය ගැන පසුගිය දවස්වල ගොඩක් කතා බහ නිර්මාණය වුණා..

පිරිමි ළමයි දාහත් දෙනෙකු අතින් වරින් වර ලිංගික අතවරයට ලක් වූයේ යැයි කියන තණමල්විල පාසලක දැරියගේ වෛද්‍ය පරීක්ෂණය ඇත්තටම නිසි ආකාරව සිදුවුණාද..?

ඒ කතාවේ පසුව ඇසෙන හැම දෙයෙක්ම එක්ක මේ කියන්න යන කතාව ගැන ඔබටත් යමක් කියන්නට ඇති..

තණමල්විල දැරිය පිරික්සූ හම්බන්තොට මහ රොහලේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවෙන් හා රෝහල් මට්ටමින් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අධිකාරී අයන්ති ජයවර්ධන පවසනවා..

එම දැරිය වෛද්‍ය පරීක්ෂණය සඳහා හම්බන්තොට මහ රෝහලට යොමු කිරිමෙන් පසුව දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරයා දැරිය බිය වද්දවා , නොමනා හැසිරීම් සිදු කිරිමක් මත ඇය සිය දිවි හානී කර ගැනීමකට තැත් කලායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැරියගේ මව විසින් කරන ලද පැමිනිල්ලක් මත මේ කතාව සම්බන්ධයෙන් යළිත් පරීක්ෂණ පවත්වා තිබෙනවා..

කෙසේ වෙතත්, වින්දිත දැරියගේ වෛද්‍ය පරීක්ෂන කටයුතු අපක්ෂපාති ලෙස සිදුකිරිම සඳහා තණමල්විල දැරිය සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් යටතේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරුකර යැවීමටද අවශ්‍ය කටයුතු සකස් කර ඇති බවද හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අධිකාරීවරිය සඳහන් කර තිබුණා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *