BREAKING NEWS
Search

රට රැකියාවට ගිය කතුන් දෙදෙනෙකුගේ කදුළු කතාව

158

සිරියාවේ ගෘහ සේවයට ගිය ශ්‍රී ලාංකික කාන්තාවක් තමන්ව යළි ගෙන්වා ගන්නා ලෙස ආයාචනය කරන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

අදාල කාන්තාව පළමුව පිටත්ව ගොස් ඇත්තේ ඩුබායි බලා වන අතර පසුව ඇය සිරියාවේ ගෘහ සේවය සඳහා රැගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ.

එහිදී ඇය දැඩි හිංසනවලටද ලක්ව තිබෙනවා

කුරුණෑගල දඹදෙණිය ප්‍රදේශයේ පදිංචි තිස්පස් හැවිරිදි තුෂාරිකා කල්දේරා මෙරට විදේශ රැකියා නියෝජිත ආයතනයක් හාරහා ගෘහ සේවිකාවක් ලෙස ඩුබායි බලා ගොස් තිබුණේ පසුගිය 2022 වසරේදී.

පසුව ඇය සේවය කළ නිවසේ හිමිකරුවන් වෙනත් රටක පදිංචියට යාම හේතුවෙන් ඔවුන් තුෂාරිව ඩුබාහි හී විදේශ රැකියා නියෝජිත ආයතනයකට භාර දී තිබුණා.

ඒ යළි ශ්‍රි ලංකාවට පැමිණිම සඳහා අවශ්‍ය ගුවන් ටිකට්පත්ද සමගයි නමුත් එම විදේශ රැකියා නියෝජිත ආයතනය ඇයව යළි සිරියාවේ ගෘහ සේවය සඳහා යොමු කර තිබෙනවා.

සිරියාවට යැවූ පසු තුෂාරිකාට නොසිතූ ලෙස වධ හිංසාවලට මුහුණ දීමටයි සිදුව ඇත්තේ

මේ අතර කුවේට්හී ගෘහ සේවය සඳහා ගිය මොරටුවැල්ල ප්‍රෙද්ශයේ පදිංචි ශෂිකා නිලුක්ශි නැමැති ශ්‍රී ලාංකික කාන්තාවක්ද එහිදී විවිධ වධ හිංසනවලට ලක්ව ඇති බව ඇගේ ඥාතීන් පවසනවා.

ඒ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයටද පැමිණිලිකර ඇති අතර ඥාතීන් ඉල්ලා සිටින්නේ ඇයව මෙරටට ගෙන්වා ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *