ඔහු ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් පැරිසියේ දී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කේෂෝ ඊබ්‍රහිම් අත්අඩංගුවට ගෙන තිබුණේ අවන්හලක් ඉදිරිපිටදී බවයි වාර්තා වෙන්නේ.
2020 ටෝකියෝහි පැවති ඔලිම්පික් උළලේ දී ඔහු ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.
ඔහුව ආචාර ධර්ම කමිටුව විසින් විමර්ශනය කරනු ලබන අතර, චෝදනාව තහවුරු වුවහොත් ජීවිතාන්තය දක්වා තරග තහනමකට ලක්විය හැකි බවයි ඊජිප්තු ඔලිම්පික් කමිටුව පවසන්නේ.



















