2009 මැයි 18 වෙනිදා තමාට හොඳින් මතක දිනයක් බවත් එදින මුළු රටේම ජනතාව සිට සතුට පළ කළ ආකාරය අමතක නොවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
අදට යෙදී තිබෙන, මානුෂීය මෙහෙයුමේ 12වන ජයග්‍රහණ සැමරුම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඒ බව පැවසීය.
එහිදී අගමැතිවරයා පෙන්වා දුන්නේ එම ජයග්‍රහණය රටේ එක් කොටසක් පමණක් ලබාගත් ජයග්‍රහණයක් නොවන බවය.
අගමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, “එදා ත්‍රස්තවාදය මේ පොළොවෙන් අතුගා දැමු දවසේ මම මේ උත්තරීතර සභාව ඇමතුවා. එදා මා කිව්වා වගේම අදටත් මට පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම,” යනුවෙනි.
සම්පුර්ණ කතාව පහතින්…
01.

02.

03.





















