BREAKING NEWS
Search

ක්ලබ් වසන්තගේ පුතු අධිකරණයට

312

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනෙකු අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ටැටූ ව්‍යාපාරික දුලාන් සංජුල ඇතුළු සැකකරුවන් 10 දෙනා අද (05) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත යළි ඉදිරිපත් කෙරුණා.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා, නීතිපති දෙපාර්තමේන්තුව සහ ඝාතනයට ලක් වූ ක්ලබ් වසන්ත නමැත්තාගේ පුත්‍රයා ද නීති කෘත්‍යය සඳහා අද දින අධිකරණ හමුවේ පෙනි සිටීමට නියමිතයි.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමක් අතරතුර ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය මස 08 වැනිදායි.

මෙම ඝාතන සැලසුම් කිරීම සහ අනුබල දීම යන චෝදනා යටතේ ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු සහ කාන්තාවක ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් පසුගිය 22 වැනිදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී ටැටු ව්‍යාපාරික දුලාන් සංජුල නමැත්තා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් ද කළා.

එදින කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළේ සැකකරුවන් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ඒ අනුව දුලාන් සංජුල ඇතුළු සැකකරුවන් 10 දෙනා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ආවේ විශේෂ ආරක්ෂාවක් යටතේයි.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා,නීතිපති දෙපාර්තමේන්තුව, ඝාතනයට ලක් වූ සු⁣රේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පුත්‍රයා නීති කෘත්‍යය සඳහා අද අධිකරණ හමුවේ පෙනී සිටීමට නියමිතයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *