BREAKING NEWS
Search

බැල්ලක් හා ඇගේ පැටවුවන් සිව්දෙනාට අත් වූ දුක්බර ඉරණම

205

නිවසක සිටි සුනඛකයෙකු හා පැටවු සිව් දෙනෙකු පිඹුරෙකු විසින් ගිල දමා සිටියදී මාකඳුර ජනඋදාගම ගම්මානයේදී හමුව තිබේ.

ඊයේ (01) පස්වරුවේදී නිවසේ මඩුවේ ගොදුරක් ගිලින ලද පිඹුරෙකු සිටින බවට නිවැසියන් දැක තිබේ.

ඒ අනුව සිදුකළ සොයා බැලිමේදී බැල්ලක් විසින් එම නිවසේ මඩුවක පැටවු දමා සිට ඇති අතර එම බැල්ල හා ඇගේ මාසයක් වයසැති පැටවු සිව්දෙනා ⁣එම පිඹුරා ගිල දමා ඇති බවට නිවැසියන් විසින් සොයාගෙන ඇත.

ඒ අනුව වැලිගම පැලැන ප්‍රදේශයේ සර්පයින් ඇල්ලිම කරනු ලබන තරුණයකු පැමිණ මෙම පිඹුරා ආරක්ෂිතව අල්ලා ගෙනගොස් ආරක්ෂිත ප්‍රදේශයකට මුදා හැරීමට පියවර ගෙන තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *