BREAKING NEWS
Search

ඝාතකයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය

117

ගල් හා පොලු මුගුරුවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ සිව්දෙනෙකුට, මරණ දඬුවම් නියම කර තිබේ.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසිනි.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි විත්තිකරුවන් සිව්දෙනෙකුට ය.

2013 වසරේ ඔරුගොඩවත්ත සාන්තවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී මරා දැමීමේ චෝදනාවට විත්තිකරුවන් 6 දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේදී චෝදනා එල්ල වී තිබුණි.

කෙසේ වෙතත් නඩුවේ 2 වැනි විත්තිකරු නඩු විභාගය අතරතුරදී මිය ගිය ගොස් තිබේ.

6 වැනි විත්තිකරුව ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් නඩුවෙන් නිදහස් කෙරුණි.

නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 4ක් යටතේ 2017දී නඩු පවරා චෝදනා ගොනුකර තිබුණි.

නියෝගය ප්‍රකාශ කරමින් විනිසුරුවරයා පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර ඇති බව ප්‍රකාශ කරමින් විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *