මාලඹේ, හෝකන්දර මාර්ගයේදී ත්‍රිරෝද රථයක් රියැදුරුට පාලනය කර ගත නොහැකිව බස් නැවතුම්පලක සිටි කාන්තාවක් අනතුරට පත්ව මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.
මෙම අනතුර මාලඹේ හෝකන්දර ප්‍රදේශයේදී විද්‍යාල හන්දියේ අසලදී සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබු කාන්තාව හෝමගම රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති අතර අනතුර සම්බන්ධයෙන් ත්‍රි රෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිය ගිය කාන්තාව වයස අවුරුදු 70 ක් වු බෝපේ, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකාරියක්.
සිද්ධිය සම්බන්ධයෙන් මාලඹේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.


















