BREAKING NEWS
Search

ක්ලබ් වසන්ත ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයට මුදල් ගෙවා ඇත්තේ ටැටූ දුලාන්ද..?

226
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි සහ පළායාමට භාවිතා කළ මෝටර් රථ සඳහා ගෙවීම් සහ පහසුකම් සලසා ඇත්තේ කවුද..?

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. දැනට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු වන දුලාන් සංජුල නමැත්තා මෙලෙස අදාල මෝටර් රථයට බවට අනාවරණය වී තිබෙනවා..

ඒ ඔහුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදීයි..

මේ අතර වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී ටැටූ මධ්‍යස්ථානය ඉදිරිපිට සිටි දැනට අත්අඩංගුවේ පසුවන ටැටූ මධ්‍යස්ථාන හිමිකරුගේ සහෝදරයාගෙන්ද පොලිසිය ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා..

ඔහු ක්ලබ් වසන්ත නමැත්තා එම ස්ථානයට පැමිණි මොහොතේ සිට අදාළ තොරතුරු සිය ජංගම දුරකථනය ඔස්සේ වීඩියෝ තාක්ෂණයෙන් හෝ වෙනත් මාර්ගයකින් සන්නිවේදනය කළේද යන්න පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මකයි..

මාධ්‍යයට නිකුත් කෙරුණු ක්ලබ් වසන්ත නමැත්තාට වෙඩි වැදෙන ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශනවල ටැටූ මධ්‍යස්ථාන හිමිකරු එකවරම මධ්‍යස්ථානයේ දොරදෙස බලා සැඟවෙන්නේ ඔහුගේ සහෝදරයාගෙන් ලද සංඥාවක් නිසාද යන්න පිළිබදව විමර්ශන නිලධාරින්ගේ අවදානය යොමුව තිබෙනවා..

ටැටූ මධ්‍යස්ථානය තුළදී සෑම අවස්ථාවකම ක්ලබ් වසන්ත නමැත්තා සහ ටැටූ මධ්‍යස්ථාන හිමිකරු දැඩි පරතරයක් තබා කටයුතු කරන ආකාරය දැක්වෙන බැවින් ඒ පිළිබඳවද විමර්ශන නිලධාරීන් සිය අවධානය යොමුකර තිබෙනවා..

එමෙන්ම ටැටූ මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ සිට ඝාතනය සිදුකෙරෙන අවස්ථාව දක්වා ලොකු පැටී නැමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් ලැබුණු මුදල් අවස්ථානුකූලව පරිහරණය කර ඇත්තේ ටැටූ මධ්‍යස්ථාන හිමිකරුගේ ඥාතීන් විසින් බවට අනාවරණය වී තිබෙනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *