BREAKING NEWS
Search

මගේ රත්තරන් අයියේ…අපි ඉවරයි- හැමෝම මේ රංගනයට නම් කොර වුණා. බුකියම අඩවපු කවුද මේ දුලාන් සංජු?

232
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියේ තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.

කංජිපානි ඉම්රාන්ගේ උපදෙස් මත මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ඩුබායි හි සැඟව සිටින අපරාධකරුවෙකු වන අහුන්ගල්ලේ ලොකු පැටී නමැත්තා විසින් බව ද විමර්ශන වලින් අනාවරණ වී තිබෙනවා.

අතුරුගිරිය මංසන්ධියේ ටැටූ ව්‍යාපාරික ස්ථානය විවෘත කරන බවට සඳහන් වූ ප්‍රචාරක දැන්වීමක් එහි හිමිකරු වන දුලාන් සංජුල නමැත්තා පසුගිය දින කිහිපයේම සිය සමාජ මාධ්‍ය ගිනුම් ඔස්සේ ප්‍රචාරය කර තිබුණා.

එහි දැක්වුණේ, 8 වැනි සඳුදා දින පෙරවරු 9.48 ට ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ ඔහුගේ බිරිඳ මෙම ව්‍යාපාරික ස්ථානය විවෘත කිරීමට එක්වන බවයි.

ඒ අනුව, ඊයේ (08) පෙරවරුවේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක් ලබ් වසන්ත නමැත්තා, අතුරුගිරිය මංසන්ධියේ පහිටි මෙම ව්‍යාපාරික ස්ථානයට පැමිණ තිබුණා.

එම අවස්ථාවට ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජිවාද එක්ව සිටියා.

පොලිසියේ පැවසුවේ, සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය කිරීම සඳහාම තමන් මෙම ව්‍යාපාරික ස්ථානය ආරම්භ කිරීම සැලසුම් කළ බවත්, කලක පටන් ක්ලබ් වසන්ත නමැත්තා සමග සමාජ මාධ්‍ය ඔස්සේ සමීප ඇසුරක් පවත්වා ගෙන ගිය බවත් දුලාන් සංජුල නමැත්තා ප්‍රකාශ කළ බවයි.

එමෙන්ම, ක්ලබ් වසන්ත නැමැත්තා ඝාතනය කිරීම සැලසුම් කිරීම සඳහා තම ගිනුමට ඩුබායි රාජ්‍යයේ සිට රුපියල් ලක්ෂ 10ක මුදලක් ලැබුණු බවත් ඔහු පවසා තිබෙනවා.

ඊයේ වෙඩි තැබීමෙන් පසු, ක්ලබ් වසන්ත නමැත්තා රෝහල්ගත කිරීමෙන් පසු, ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු වන දුලාන් සංජුල නමැත්තා දැඩි ලෙස කම්පාවට පත්වන අයුරුද වීඩියෝවන්හි පටිගත වී තිබුණා.

මේ වනවිට මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක්ව තිබෙනවා.

මේ ඒ පිළිබදව පලවන සටහන් කිහිපයක්….

  




Leave a Reply

Your email address will not be published. Required fields are marked *